Skip to main content

Posts

Showing posts from May, 2024

ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ

           ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි උගුඩු පැංචෙකු යි හිටියා. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන.  දවසක් මේ උගුඩුපුංචා කැලෑවට ගියා. කැලෑවේ ඇටිකෙහෙල් කැනක් තියෙනවා දුර ඉඳලම මේ පැංචා දැක්කා. "තාත්තා කිව්වේ කන්න එපා කියලනේ  ළඟට ගිහින් බැලුවට මොකුත් වෙන්නේ නෑනේ" කියලා මේ පැංචා ගහ ළඟට ගියා. රසද කියලා බලන්න එක ගෙඩියක් කාලම බලනවා කියලා කෑවා.  මෙහෙම ටික වෙලාවක් යනකොට මේ උගුඩු පුංචා අර ඇටි කෙහෙල් එක එක අරගෙන මුළු ඇටි කෙහෙල් කැනම කෑවා. ඉතින් මේ උගුඩ පුංචා හවස් වෙද්දි ගෙදර ගියා. ගෙදරට වෙලා හිටියා.  අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පුංචගේ බඩ හොඳටම රිදෙන්න ගත්තා. මළපහ කරන්න බෑ හරිම වේදනයි. "අනේ මන් තාත්තා කීවදේ ඇහුව නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා උගුඩු පුංචට හිතුණා" අද අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ. බලන්නකෝ අන්තිමට උගුඩු පුංචට උන දේ. ඒ නිසාම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අහන්නෙ නැති වෙලාවකට "ඇටි කෙහෙල් කා...

නයයි පොළඟයි වගේ

                     නයයි පොළඟයි වගේ ඔන්න එකෝමත් එක කාලයක ලොකු නියඟයක් ආවා. කැලේ සතුන්ට බොන්න වතුර බිංදුවක්වත් නැතුව ගියා. ඇළ, දොළ, ගංගා සියල්ලම සිඳී ගියා. දවසක් හොඳටම වතුර තිබහ වුණු නයෙක් ගමකට ගියා වතුර ටිකක් හොයාගෙන.  මෙහෙම ටික දුරක් යනකොට එක ගෙදරක මිදුලක බේසමක පුංචි බබෙක් නානවා දැක්කා. ඉතින් මේ නයිහාමි බේසමෙන් බබා නාන ගමන්ම වතුර ටිකක් අරගෙන බිව්වා. ඉතින් මේ පුංචි බබා නයාට බය වෙලා අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා.  අනේ මේ නයි හාමි පුංචි බබා එක්ක තරහ උනේ නෑ. එයා පොඩි ළමයෙක්නෙ කියල හිතලා එයාට දෂ්ට නොකර ගුටි පාරවල් ඉවසාගෙන කැලේට යන්න ගියා. මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩ ගාගෙන එන පොළගෙක් නයිහාමිට මුණගැහුනා.  "අනේ නයිහාමි ඔයා නම් වතුර බීලානේ. "මම හරිම තිබහෙන් ඉන්නේ වතුර බිව්ව තැන අනේ මටත් කියන්න කිව්වා"ඉතින් නයි හාමි එයාට වතුර හම්බවුණ විදිහ කියලා කිව්වා "ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ට කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා"  එහෙම පොරොන්දු වෙලා ගිය පොළොංහාමි අර පුංචි බබා න...

වක්කඩේ හකුරු හැංගුවා වගේ.

           වක්කඩේ හකුරු හැංගුවා වගේ. ඔන්න එක්කෝමත් එක ගමක ගමරාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි දරුවන් සමඟ සතුටින් ජීවත් වුණා. මේ ගමරාළ කරන්නේ ගොවිපලක්. එළවළු හදනවා සතුන් ඇති කරනවා. ඉතින් මේ ගමරාළ හරිම සතුටින් ජීවත් වුණා. ඉතින් දවසක් ගමරාළ තමන් ළඟ තියෙන එළවළුයි වැඩිපුර ඉන්න සත්තුයි විකුනන්න කඩමණ්ඩියට ගියා. ගමරාළ හැම දෙයක්ම විකුණලා හොඳ ආදායමක් ගත්තා. ඊට පස්සේ මේ ගමරාළ කල්පනා කරනවා මේ ගත්ත සල්ලි වලින් තමන්ගේ ගෙදරට ගෙනියන්නේ මොනවද කියලා.  මේ ගමරාළ හකුරු කන්න හරිම ආසයි. ඉතින් කඩමණ්ඩියේ ඇවිදගෙන යනකොට හොඳ හකුරු මුලක් හම්බ වුණා. ඉතින් ගමරාළ මේ හකුරු මුලත් අරගෙන තමන්ගේ ගෙදරට ගියා. ඒ ගමරාළ කල්පනා කරනවා "මං නැතිවෙලාවේ මේ හකුරු මුල කවුරුත් කෑවොත් ඒ නිසා මම මේක කාටවත් පේන්න නැති තැනක හංගන්න ඕනි" කියල.  ඊට පස්සේ ගමරාළ උදැල්ලකුත් අරගෙන කුඹුරට ගියා. ඊට පස්සේ වතුර බහින වක්කඩයක මේ හකුරු මුල හංගලා ඉතාමත් සතුටින් ගෙදර ගියා. පහුවදා උදේ පාන්දරම නැගිටලා හකුරු කෑල්ලක් කන්න ආසා හිතිලා හකුරු මුල ගේන්න කුඹුරට ගියා.  අනේ ගිහින් බලද්දි හකුරු මුල පේන්නවත් නෑ. ඔක්කොම වතුරට දි...

අටුව කඩා පුටුව හැදුවා වගේ

             අටුව කඩා පුටුව හැදුවා වගේ ඔන්න එක්තරා ගමක වඩුරාල කෙනෙක් ජීවත් උනා. මොහු ලී වලින් මේස, පුටු, ඇඳන්, මේස, අල්මාරි වගේ හැම දෙයක්ම හදන්න ඉතාමත් දක්ෂයෙක්. ඉතින් මේ වඩුරාල හැමදාම ගමේ මිනිස්සුන්ට අහල පහළ ගම්වල මිනිස්සුන්ට ලී බඩු හදලා දුන්නා.  මේ වඩුරාලගේ ගෙදර ජීවත් වුණේ වඩුරාලයි ගම හාමිනේ විතරයි. ඉතින් එක් දවසක මේ ගෙදරට නෑදෑයෝ කට්ටියක් එනවා. වඩු වැඩ කරන්න කොයිතරම් දක්ෂයෙක් වුණත් මේ වඩුරාලගේ ගෙදර ඉඳගන්න නම් එක පුටුවක්වත් තිබුණේ නෑ.  ඉතින් නෑදෑ කට්ටිය ආවට පස්සේ ගම හාමිනේට ගොඩක් ලැජ්ජ හිතුනා. "ගෙදර වාඩි වෙන්න පුටුවක්වත් නෑ ඒකට මොකද වඩුරාළ කෙනෙක් නේද" කියලා ගම හාමිනේ වඩුරාළට දොස් නගන්න ගත්තා. ඉතින් මේ වඩුරාළ මොකක්ද දන්නවද කරේ?  ඉක්මනින්ම වටපිට බලලා ලී හොයන්න ගත්තා පුටුවක් හදන්න. ඉතින් වඩුරාල දැක්කා අටුව තියෙනවා. අටුව කියන්නේ කෘෂිකර්මාන්තයේදී ධාන්‍ය වර්ග ඉදිරි කාල සඳහා ගබඩා කරගනු ලබන උපකරණයක්. මෙය තරමක් විශාලයි ඒ වගේම ගොඩක් වටිනවා.  ඉතින් මේ මෝඩ වඩුරාල මේ අටුව කඩා දමලා ඒ ලීවලින් පුටුවක් තැනුවා. ගම හාමිනේ ටික වෙලාවකින් ඇවිත් බලනකොට ම...

ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වාගේ

        ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වාගේ ඔන්න එකෝමත් එක කාලෙක හිටියලූ බොහොම යාළුකමින් ඇසුරු කරපු ආඬි හත්දෙනෙක්. මෙයාලා තැන් තැන්වල ඇවිදලා රෑ වුනාම එක අම්බලමකට ඇවිත් නවාතැන් ගන්නවා. යාලුවෝ වුණාට එක්කෙනා අනික් එක්කෙනාට කපටිකම්මයි කරන්නේ.  ඉතින් කට්ටිය රෑ වෙද්දි කතා වුණා අද රෑට කැඳ බොමු කියල. පස්සේ වතුර හැලියක් ලිපේ තියලා කෙනෙක් තමන්ගේ හාල් මල්ල අරගෙන ලිප ළඟට ගියා. මල්ල ඇතුළට බොරුවට අත දාල  මිටමොලවලා ඔන්න මගේ හාල් මිට අනෙක් අයට පේන්න දැම්මලු.  ඉතින් දෙවෙනි එක්කෙනත් ඇවිත් හාල් මල්ල ඇතුළට අත දාලා අනෙක් අයට පේන්න බොරුවට හාල්මිටක් දැම්මලු. තුන්වෙනි හතරවෙනි ආදී වශයෙන් හත් දෙනාම මෙහෙම අනෙක් අයට පේන්න බොරුවට හාල්මිට ගානේ දැම්මලු.  ඉතින් දැන් හත් දෙනාම ලිප වටේට වාඩිවෙලා කැඳ බොන්න බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝම බඩගිනි වෙලා තමන්ගේ භාජනයත් අරගෙන කැඳ හැන්දගානේ බෙදා ගත්තලු. ඒකෙ එක බත් ඇටයක්වත් තිබුණෙ නෑලු. කැඳ හැලියේ තිබුණේ වතුර විතරයි.  එතකොට හැමෝම මූණට මූණ බලා ගත්තලු. මොකද දන්නවද වෙලා තියෙන්නේ? තමන්ගේ හාල් ඉතුරු කරගන්නට අනෙක් අය රවටන්නට ගිහිල්ලා අන්තිමේදී එකිනෙකා ...

කළුවා මාරපන ගියා වගේ

                 කළුවා මාරපන ගියා වගේ ඔන්න එක්තරා ගමක ප්‍රභූ පවුලක කළුවා කියලා සේවකයෙක් හිටියා. කළුවා කියන්නේ තරමක් මෝඩ මනුස්සයෙක්. ඉතින් දවසක් කෝරළේ  රාළහාමි "කළුවා හෙට උදෙන්ම මාරපන යන්න තියෙනවා මතක තියාගනින්" කියලා කිව්වා. පසුදින උදෑසන තම පණිවිඩය දී කළුවා පිටත් කර යැවීමට සිතූ කෝරළේ තැන කළුවා සෙවූ නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වුණා. ඉතින් කෝරළේ රාළහාමි දවස මුළුල්ලේම කළුවා එනකම් බලාගෙන හිටියා. මෙන්න ඉර බැහැගෙන හෝරා කීපයක් යනකොට කළුවා වලව්වට එනවා දැක්කා. "ඈ බන් කළුවෝ ගමනක් යන්ඩ තියෙනවා කියලත් මෙච්චර වෙලා කොහෙ මකබෑවුණාද?" කෝරළේ නිළමේ කේන්තියෙන් කෑ ගැහුවා. "අපේ නිළමේ මම උදේ පාන්දරම මාරපන ගියා" කියල ඔහු කිව්වා.  කරුණු කාරණා සොයා බලන විට එහි යා යුත්තේ කුමකටදැයි දැනගැනීම උනන්දු නොවූ කළුවා උදේ පාන්දරම නැගිට මාරපන වලව්වට ගොස් කා බී සප්පායම් වී සවස ආපසු පැමිණ තිබුණා. ඉතින් අද සමාජයෙත් යම් කෙනෙක් කුමක් හෝ දෙයක් හරිහැටි නොදැන කරන අවස්ථාවක දී මෙම "කළුවා මාරපන ගියා වගේ" යන ප්‍රස්තාව පිරුළ භාවිත කරනවා.

ගඟට ඉණි කැපුවා වාගේ

                 ගඟට ඉණි කැපුවා වාගේ ඔන්න එකෝමත් එක ගමක තාත්තා කෙනෙක් තමන්ගේ පුංචි පුතත් එක්ක ඉණි ටිකක් කපාගන්න කැලේට ගියා. තාත්තා දැක්කා ගංගාවක් අයිනේ කෝටු වගයක් තියෙනවා. ඊට පස්සේ අයිනේ කෝටු කපනවා. ඔය අතරේ පුංචි පුතා තාත්තගෙන් එක විදියේ ප්‍රශ්න අහන්න ගත්තා. " "තාත්තේ ඔය කෝටු මොකටද තාත්තේ"කියලා ඇහුවා. ඊට පස්සේ තාත්තා "කොරටුවේ ඉඳීවලට කොලුවෝ" කියලා කිව්වා."කොහෙටද තාත්තේ වැට බඳින්නේ" මේ වගේ ප්‍රශ්න පත්‍රයකට පුතා අහන්න ගත්තා. ඉතින් මේ තාත්තට ගොඩක් තරහ ගියා. පුතා ආයෙත් ටික වෙලාවකින් අහනවා "තාත්තේ මේ මුහුද කොහෙටද යන්නේ කියලා" තරහ වැඩිකමට තාත්තා මෙහෙම කියනවා. "ගඟ යන්නේ අපේ ගෙදරට කියලා". ඊට පස්සේ මේ පුතාට තාත්තා කියනවා එක ප්‍රශ්න අහලා මට කරදර කරන්නේ නැතුව ගිහිල්ලා ඔය ඉණි ටික එකතු කරලා එක තැනකට ගොඩ කරන්න ගෙදර ගෙනියන්න කියලා. තාත්තා තවත් ඉණි ටිකක් මෙහෙම කපාගන්න කැලේ ඇතුලට ගියා. ටික වෙලාවකින් තාත්තා පුතා ඉන්න තැනට ආවා. "කෝ පුතේ ඉණි ටික ඔක්කොම එකතු කරලා දැම්මද මෙච්චර ඉක්මනට කියලා" තාත්තා පුදුමයෙන් ඇහුවා. "තාත්ත කීවනේ මේ මුහුදට ය...

පුහුල් හොරා කරෙන් දැනේ

පුහුල් හොරා කරෙන් දැනේ               ඔන්න එක්තරා ගමක ගමරාළ කෙනෙක් හිටියා. මේ ගමරාළ ජීවත් වුණේ හේන් වගා  කරලා. තමන්ගේ හේන වෙනුවෙන් මේ ගමරාළ හැමදාම ගොඩක් මහන්සි වුණා. ටික දවසක් යද්දි ගමරාළගේ පුහුල් වැලක ලොකු  අළු පුහුල් ගෙඩියක් හැදුනා. ඉතින් මේ ගමරාළ ගොඩක් සතුටින් තමන්ගේ ගමහාමිනේටත් මේ ගැන කිව්වා. ඉතාමත් ආදරෙන් දිනපතාම හේනට ගිහිල්ලා සාත්තු සප්පායම් කළා.  එක දවසක් ගමරාල උදේම හේනට යනවා අර ලොකු පුහුල් ගෙඩිය බලන්න. අනේ බලද්දි වෙනදට වැලේ තියෙන පුහුල් ගෙඩිය අද නැති බව ගමරාළ දුර ඉඳලම දැක්කා. ඉතින් මේ ගමරාළට ගොඩක් දුකයි. ඉතින් මේ ගමරාළ කල්පනා කළා තමන් මෙච්චර ආදරෙන් රැකබලා ගත්ත පුහුල් ගෙඩිය හොරකම් කරපු හොරා කොහොම හරි අල්ල ගන්නවා කියලා. ඉතින් මේ ගමරාළ උපායක් කල්පනා කළා.  ඊට පස්සේ නිවසට දුවගෙන ගිහිල්ලා එකපාරටම සීනුවක් අරගෙන නාද කරන්නට පටන් ගත්තා. ටික වෙලාවක් යද්දී මුළු ගමේම මිනිස්සු ගමරාල වටේ එකතුවෙන්නට වුණා. තමන්ගේ හේනේ තිබුණු ලොකු පුහුල් ගෙඩිය අතුරුදහන් වුනු කතාව හැමෝටම ඇහෙන්න කියල  පුහුල් හොරා කරෙන් දැනේ කියලා මේ ගමරාළ එකපාරට  කෑ ගහ...

අබරා සිල් ගත්තා වාගේ

                        අබරා සිල් ගත්තා වාගේ                     ඔන්න එක්තරා ගමක බොහොම සතුටින් ජීවත් වුණු ගමරාළ කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි හිටියා. ගමරාළගෙ නම අබරා. ඉතින් මේ ගම හාමිනේ හැම පෝයකටම සිල් ගන්නවා. ඉතින් දවසක් අබරා බිරිඳගෙන් ඇහුවලු සිල් ගන්නෙ කොහොමද කියලා. ඉතින් ගමහාමිනේ කිව්වලු අනේ ඒක හරි ලේසියි පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ කියන එකම කියන්න තියෙන්නේ කියලා.        ඊට පස්සේ අබරා හිතාගත්තලු ඊළඟ පෝයට මමත් සිල් ගන්නව කියලා. ඔන්න පෝය දවසේ උදේම ලෑස්තිවෙලා අබරා පන්සලට ගියා. ටික වෙලාවක් යද්දි අබරට හාමුදුරුවෝ මුණගැහුනා. ඊටපස්සෙ හාමුදුරුවෝ අබරගෙන් ඇහුවා "මොකද මේ කවදාවත් නැතුව පන්සල පැත්තෙ කියලා"ඊට පස්සේ අබරට එයාගේ ගමහාමිනේ කීව කතාව මතක්වෙලා හාමුදුරුවන්ගෙන් "මොකද මේ කවදාවත් නැතුව පන්සල පැත්තෙ කියලා ඇහුවා" මේක අහගෙන හිටපු හාමුදුරුවෝ  "උඹට පිස්සුද කියලා" ඇහුවා. ඊට පස්සේ අබරත් "උඹට පිස්සුද කියලා" ඇහුවා.      මේක අහගෙන හිටපු හාමුදුරුවන්ට හොඳටම...

රයිගමයයි ගම්පලයයි වගේ

රයිගමයයි ගම්පළයයි වගේ            ඉස්සර අපේ රටේ රජවරු විවිධ ප්‍රදේශවල වාසය කරගෙන රට පාලනය කළා. කාලයක් අනුරාධපුර අගනුවර කරගත්තා. ඒ කාලයේදී රයිගමට වගේම ගම්පලටත් රජවරුන් වාසය කළා.මේ ගම් දෙකම හරිම ප්‍රසිද්ධයි. මේ රයිගම ගමේ  හිටියා බොහොම ප්‍රසිද්ධ වෙළෙන්දෙක්. එයා රයිගමයා. එයා පිට පළාත්වලට බුලත් විකුණන කෙනෙක්. ගම්පොළ ගමෙත් හිටියා වෙළෙන්දෙක් නමින් ගම්පළයා. එයා පිට පළාත්වලට පුවක් විකුණන කෙනෙක්. වෙළඳාමේ යනකොට මේ දෙන්නා ගොඩක් හමු වෙලා තියෙන නිසා බොහොම හොඳ මිතුරන් බවට පත්වුණා.        දවසක් මේ දෙන්නා කතා කර ඉද්දි රයිගමයා ගම්පලයාට කියනවා.ගම්පල මුදලාලි මට මේ පාර බුලත් ටිකක් විකුනලා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කියලා.ඒ නිසා මම හෙට උදේම බුලත් කදක් බැඳගෙන අම්බලමේ නතර වෙලා පාන්දරම වෙළඳාමේ යන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා.ගම්පලයත් මේක අහගෙන කියනවා මමත් මේ සැරේ පුවක් විකුණුවොත් හොඳ ලාභයක් ගන්ඩ පුළුවන් වෙයි කියල හිතනවා. ඒ හින්දා මමත් පුවක් කදක් බැඳගෙන අම්බලමින් නතර වෙලා පාන්දරින්ම පිටත් වෙන්න එන්නම් කියලා.මෙයා ළඟපාත ගම්වල බුලත් මිලදී ගැනීමට ගි...