ඔන්න එක්තරා ගමක ගමරාළ කෙනෙක් හිටියා. මේ ගමරාළ ජීවත් වුණේ හේන් වගා කරලා. තමන්ගේ හේන වෙනුවෙන් මේ ගමරාළ හැමදාම ගොඩක් මහන්සි වුණා. ටික දවසක් යද්දි ගමරාළගේ පුහුල් වැලක ලොකු අළු පුහුල් ගෙඩියක් හැදුනා. ඉතින් මේ ගමරාළ ගොඩක් සතුටින් තමන්ගේ ගමහාමිනේටත් මේ ගැන කිව්වා. ඉතාමත් ආදරෙන් දිනපතාම හේනට ගිහිල්ලා සාත්තු සප්පායම් කළා.
එක දවසක් ගමරාල උදේම හේනට යනවා අර ලොකු පුහුල් ගෙඩිය බලන්න. අනේ බලද්දි වෙනදට වැලේ තියෙන පුහුල් ගෙඩිය අද නැති බව ගමරාළ දුර ඉඳලම දැක්කා. ඉතින් මේ ගමරාළට ගොඩක් දුකයි. ඉතින් මේ ගමරාළ කල්පනා කළා තමන් මෙච්චර ආදරෙන් රැකබලා ගත්ත පුහුල් ගෙඩිය හොරකම් කරපු හොරා කොහොම හරි අල්ල ගන්නවා කියලා. ඉතින් මේ ගමරාළ උපායක් කල්පනා කළා.
ඊට පස්සේ නිවසට දුවගෙන ගිහිල්ලා එකපාරටම සීනුවක් අරගෙන නාද කරන්නට පටන් ගත්තා. ටික වෙලාවක් යද්දී මුළු ගමේම මිනිස්සු ගමරාල වටේ එකතුවෙන්නට වුණා. තමන්ගේ හේනේ තිබුණු ලොකු පුහුල් ගෙඩිය අතුරුදහන් වුනු කතාව හැමෝටම ඇහෙන්න කියල පුහුල් හොරා කරෙන් දැනේ කියලා මේ ගමරාළ එකපාරට කෑ ගහන්න පටන් ගත්තා.
මේ මිනිස්සු අතරේ පුහුල් ගෙඩිය හොරකම් කරපු මනුස්සයත් මෙතනට ඇවිත් හිටියා. මේ පුහුල් හොරා "අනේ මගේ කරේ අළුවත් තියෙනවද දන්නෙ නෑ කියලා" කර පිහ දැම්මා. මේක දැකපු ගමරාළ දුවගෙන ගිහිල්ලා පුහුල් හොරාව අල්ලගත්තා. පුහුල් හොරා ගමරාළගෙන් සමාව ඉල්ලලා පුහුල් ගෙඩිය ආපහු ගෙනත් දුන්නා.
ඔන්න බලන්නකෝ අනුන්ගේ දෙයක් සොරකම් කරොත් විපාක ලැබෙන හැටි. පුංචි ඉඟියකින් විශාල දෙයක් දැන ගත හැකි අවස්ථාවක අපි මෙම "පුහුල් හොරා කරෙන් දැනේ" යන ප්‍රස්ථාව පිරුළ භාවිත කරනවා.
🤗❤
ReplyDelete❤️🥰
ReplyDeleteDont give up your dreams
ReplyDeleteOne day you can win your life nanga 💕🌸
රනිල් හොරා වගේද පුහුල් හොරා
ReplyDeleteදිගටම දාන්න මේ විදියට 😍❤❤
ReplyDeleteහරිම ලස්සනයි♥️
ReplyDeleteSuperb❤️
ReplyDeletenice
ReplyDeletewow
ReplyDeletenice
ReplyDeletemaru
ReplyDeletegood
ReplyDelete❤️👍
ReplyDelete