Skip to main content

ගඟට ඉණි කැපුවා වාගේ

                ගඟට ඉණි කැපුවා වාගේ


ඔන්න එකෝමත් එක ගමක තාත්තා කෙනෙක් තමන්ගේ පුංචි පුතත් එක්ක ඉණි ටිකක් කපාගන්න කැලේට ගියා. තාත්තා දැක්කා ගංගාවක් අයිනේ කෝටු වගයක් තියෙනවා. ඊට පස්සේ අයිනේ කෝටු කපනවා. ඔය අතරේ පුංචි පුතා තාත්තගෙන් එක විදියේ ප්‍රශ්න අහන්න ගත්තා. "

"තාත්තේ ඔය කෝටු මොකටද තාත්තේ"කියලා ඇහුවා. ඊට පස්සේ තාත්තා "කොරටුවේ ඉඳීවලට කොලුවෝ" කියලා කිව්වා."කොහෙටද තාත්තේ වැට බඳින්නේ" මේ වගේ ප්‍රශ්න පත්‍රයකට පුතා අහන්න ගත්තා. ඉතින් මේ තාත්තට ගොඩක් තරහ ගියා. පුතා ආයෙත් ටික වෙලාවකින් අහනවා "තාත්තේ මේ මුහුද කොහෙටද යන්නේ කියලා" තරහ වැඩිකමට තාත්තා මෙහෙම කියනවා. "ගඟ යන්නේ අපේ ගෙදරට කියලා".

ඊට පස්සේ මේ පුතාට තාත්තා කියනවා එක ප්‍රශ්න අහලා මට කරදර කරන්නේ නැතුව ගිහිල්ලා ඔය ඉණි ටික එකතු කරලා එක තැනකට ගොඩ කරන්න ගෙදර ගෙනියන්න කියලා. තාත්තා තවත් ඉණි ටිකක් මෙහෙම කපාගන්න කැලේ ඇතුලට ගියා. ටික වෙලාවකින් තාත්තා පුතා ඉන්න තැනට ආවා.

"කෝ පුතේ ඉණි ටික ඔක්කොම එකතු කරලා දැම්මද මෙච්චර ඉක්මනට කියලා" තාත්තා පුදුමයෙන් ඇහුවා. "තාත්ත කීවනේ මේ මුහුදට යන්නේ අපේ ගෙදරට කියලා ඉතින් මං කපපු ඉණි ටික ගිහිල්ලා ගිහිල්ලා දැන් මේ වෙනකොට අපේ ගෙදරට ඇති" පුතා කිව්වා. 

නගරයට ගෙදරට ගලාගෙන යනවා නම් කෝටු ටික ගෙදරට යාවි කියලා හිතලා මේ මෝඩ පුතා තාත්තා මහන්සියෙන් කැපපු ඉණි ටික ඔක්කොම නටන්න දැම්මා. ඉණි ටික ඔක්කොම ගලාගෙන ගියා. ඔන්න බලන්නකෝ කොච්චර වෙහෙස වුනත් අන්තිමේදී මෝඩ පුතා කරපු දේ. ඉතින් අද දවසේ සිදු වූ නිශ්ශබ්ද දෙයක් වූ අවස්ථාවක "ගඟට ඉණි කැපුවා වාගේ" යන ප්‍රස්තාව පිරුළ භාවිතා කරයි.

Comments

Post a Comment

Popular posts from this blog

රයිගමයයි ගම්පලයයි වගේ

රයිගමයයි ගම්පළයයි වගේ            ඉස්සර අපේ රටේ රජවරු විවිධ ප්‍රදේශවල වාසය කරගෙන රට පාලනය කළා. කාලයක් අනුරාධපුර අගනුවර කරගත්තා. ඒ කාලයේදී රයිගමට වගේම ගම්පලටත් රජවරුන් වාසය කළා.මේ ගම් දෙකම හරිම ප්‍රසිද්ධයි. මේ රයිගම ගමේ  හිටියා බොහොම ප්‍රසිද්ධ වෙළෙන්දෙක්. එයා රයිගමයා. එයා පිට පළාත්වලට බුලත් විකුණන කෙනෙක්. ගම්පොළ ගමෙත් හිටියා වෙළෙන්දෙක් නමින් ගම්පළයා. එයා පිට පළාත්වලට පුවක් විකුණන කෙනෙක්. වෙළඳාමේ යනකොට මේ දෙන්නා ගොඩක් හමු වෙලා තියෙන නිසා බොහොම හොඳ මිතුරන් බවට පත්වුණා.        දවසක් මේ දෙන්නා කතා කර ඉද්දි රයිගමයා ගම්පලයාට කියනවා.ගම්පල මුදලාලි මට මේ පාර බුලත් ටිකක් විකුනලා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කියලා.ඒ නිසා මම හෙට උදේම බුලත් කදක් බැඳගෙන අම්බලමේ නතර වෙලා පාන්දරම වෙළඳාමේ යන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා.ගම්පලයත් මේක අහගෙන කියනවා මමත් මේ සැරේ පුවක් විකුණුවොත් හොඳ ලාභයක් ගන්ඩ පුළුවන් වෙයි කියල හිතනවා. ඒ හින්දා මමත් පුවක් කදක් බැඳගෙන අම්බලමින් නතර වෙලා පාන්දරින්ම පිටත් වෙන්න එන්නම් කියලා.මෙයා ළඟපාත ගම්වල බුලත් මිලදී ගැනීමට ගි...

ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ

           ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි උගුඩු පැංචෙකු යි හිටියා. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන.  දවසක් මේ උගුඩුපුංචා කැලෑවට ගියා. කැලෑවේ ඇටිකෙහෙල් කැනක් තියෙනවා දුර ඉඳලම මේ පැංචා දැක්කා. "තාත්තා කිව්වේ කන්න එපා කියලනේ  ළඟට ගිහින් බැලුවට මොකුත් වෙන්නේ නෑනේ" කියලා මේ පැංචා ගහ ළඟට ගියා. රසද කියලා බලන්න එක ගෙඩියක් කාලම බලනවා කියලා කෑවා.  මෙහෙම ටික වෙලාවක් යනකොට මේ උගුඩු පුංචා අර ඇටි කෙහෙල් එක එක අරගෙන මුළු ඇටි කෙහෙල් කැනම කෑවා. ඉතින් මේ උගුඩ පුංචා හවස් වෙද්දි ගෙදර ගියා. ගෙදරට වෙලා හිටියා.  අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පුංචගේ බඩ හොඳටම රිදෙන්න ගත්තා. මළපහ කරන්න බෑ හරිම වේදනයි. "අනේ මන් තාත්තා කීවදේ ඇහුව නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා උගුඩු පුංචට හිතුණා" අද අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ. බලන්නකෝ අන්තිමට උගුඩු පුංචට උන දේ. ඒ නිසාම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අහන්නෙ නැති වෙලාවකට "ඇටි කෙහෙල් කා...

නයයි පොළඟයි වගේ

                     නයයි පොළඟයි වගේ ඔන්න එකෝමත් එක කාලයක ලොකු නියඟයක් ආවා. කැලේ සතුන්ට බොන්න වතුර බිංදුවක්වත් නැතුව ගියා. ඇළ, දොළ, ගංගා සියල්ලම සිඳී ගියා. දවසක් හොඳටම වතුර තිබහ වුණු නයෙක් ගමකට ගියා වතුර ටිකක් හොයාගෙන.  මෙහෙම ටික දුරක් යනකොට එක ගෙදරක මිදුලක බේසමක පුංචි බබෙක් නානවා දැක්කා. ඉතින් මේ නයිහාමි බේසමෙන් බබා නාන ගමන්ම වතුර ටිකක් අරගෙන බිව්වා. ඉතින් මේ පුංචි බබා නයාට බය වෙලා අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා.  අනේ මේ නයි හාමි පුංචි බබා එක්ක තරහ උනේ නෑ. එයා පොඩි ළමයෙක්නෙ කියල හිතලා එයාට දෂ්ට නොකර ගුටි පාරවල් ඉවසාගෙන කැලේට යන්න ගියා. මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩ ගාගෙන එන පොළගෙක් නයිහාමිට මුණගැහුනා.  "අනේ නයිහාමි ඔයා නම් වතුර බීලානේ. "මම හරිම තිබහෙන් ඉන්නේ වතුර බිව්ව තැන අනේ මටත් කියන්න කිව්වා"ඉතින් නයි හාමි එයාට වතුර හම්බවුණ විදිහ කියලා කිව්වා "ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ට කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා"  එහෙම පොරොන්දු වෙලා ගිය පොළොංහාමි අර පුංචි බබා න...