අබරා සිල් ගත්තා වාගේ
![]() |
ඔන්න එක්තරා ගමක බොහොම සතුටින් ජීවත් වුණු ගමරාළ කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි හිටියා. ගමරාළගෙ නම අබරා. ඉතින් මේ ගම හාමිනේ හැම පෝයකටම සිල් ගන්නවා. ඉතින් දවසක් අබරා බිරිඳගෙන් ඇහුවලු සිල් ගන්නෙ කොහොමද කියලා. ඉතින් ගමහාමිනේ කිව්වලු අනේ ඒක හරි ලේසියි පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ කියන එකම කියන්න තියෙන්නේ කියලා.
ඊට පස්සේ අබරා හිතාගත්තලු ඊළඟ පෝයට මමත් සිල් ගන්නව කියලා. ඔන්න පෝය දවසේ උදේම ලෑස්තිවෙලා අබරා පන්සලට ගියා. ටික වෙලාවක් යද්දි අබරට හාමුදුරුවෝ මුණගැහුනා. ඊටපස්සෙ හාමුදුරුවෝ අබරගෙන් ඇහුවා "මොකද මේ කවදාවත් නැතුව පන්සල පැත්තෙ කියලා"ඊට පස්සේ අබරට එයාගේ ගමහාමිනේ කීව කතාව මතක්වෙලා හාමුදුරුවන්ගෙන් "මොකද මේ කවදාවත් නැතුව පන්සල පැත්තෙ කියලා ඇහුවා" මේක අහගෙන හිටපු හාමුදුරුවෝ "උඹට පිස්සුද කියලා" ඇහුවා. ඊට පස්සේ අබරත් "උඹට පිස්සුද කියලා" ඇහුවා.
මේක අහගෙන හිටපු හාමුදුරුවන්ට හොඳටම තරහ ගියා. "මූව කඹයක් අරගෙන බැඳලා දාන්න කියලා"අ ඇබිත්තයට කිව්වා. ඊට පස්සේ අබරත් ඒකම කිව්වා. දැන් නම් හාමුදුරුවන්ට විතරක් නෙමෙයි වටේ හිටපු අයටත් හොඳටම තරහ ගිහින්. ඇබිත්තයා විතරක් නෙවෙයි ගමේ අයත් ඇවිල්ලා අබරට හොඳටම ගහල පන්සලෙන් පන්නගත්තා. හොඳටම ගුටිකාපු ගමරාල ඇඟපත අතගගා ගෙදර දුවගෙන ගියා.
ගෙදර ගියපු අබරා ගමහාමිනේගෙන් අහනවා සිල් ගන්න එක මේ තරම්ම අමාරුද කියල. මම එක දවසක් සිල් සමාදන් වෙලා ගුටි කන්නත් සිද්ධ වුණා. ඇඟපතත් රිදෙනවා. ගම හාමිනේ කීව්ව විදියට මම හාමුදුරුවෝ කියන එකම කිව්වා කියලා අබරා ගමහාමිනේට කියනව. ගමරාලගෙ මේ කතාව අහගෙන හිටපු ගම හාමිනේ වෙලාතියනෙ දේ තේරුම් ගන්නවා.
ඉතින් අබරා නොදන්න දෙයක් කරන්න ගිහින් තමයි මේ අමාරුවේ වැටුණේ. අපේ සමාජයේ කෙනෙක් නොදන්නා දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටුණම මෙම "අබරා සිල්ගත්තා වාගේ" කියන ප්‍රස්තාව පිරුළ භාවිත කරනවා.
❤🥰
ReplyDelete💕🌟😍
ReplyDeleteඇයි මහින්දත් සිල් ගත්තේ
ReplyDelete😍❤❤
ReplyDelete❤
ReplyDeleteVery interesting ♥️
ReplyDeletenice♥️
ReplyDeletenice
ReplyDelete