කළුවා මාරපන ගියා වගේ
ඔන්න එක්තරා ගමක ප්‍රභූ පවුලක කළුවා කියලා සේවකයෙක් හිටියා. කළුවා කියන්නේ තරමක් මෝඩ මනුස්සයෙක්. ඉතින් දවසක් කෝරළේ රාළහාමි "කළුවා හෙට උදෙන්ම මාරපන යන්න තියෙනවා මතක තියාගනින්" කියලා කිව්වා.
පසුදින උදෑසන තම පණිවිඩය දී කළුවා පිටත් කර යැවීමට සිතූ කෝරළේ තැන කළුවා සෙවූ නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වුණා. ඉතින් කෝරළේ රාළහාමි දවස මුළුල්ලේම කළුවා එනකම් බලාගෙන හිටියා. මෙන්න ඉර බැහැගෙන හෝරා කීපයක් යනකොට කළුවා වලව්වට එනවා දැක්කා.
"ඈ බන් කළුවෝ ගමනක් යන්ඩ තියෙනවා කියලත් මෙච්චර වෙලා කොහෙ මකබෑවුණාද?" කෝරළේ නිළමේ කේන්තියෙන් කෑ ගැහුවා. "අපේ නිළමේ මම උදේ පාන්දරම මාරපන ගියා" කියල ඔහු කිව්වා.
කරුණු කාරණා සොයා බලන විට එහි යා යුත්තේ කුමකටදැයි දැනගැනීම උනන්දු නොවූ කළුවා උදේ පාන්දරම නැගිට මාරපන වලව්වට ගොස් කා බී සප්පායම් වී සවස ආපසු පැමිණ තිබුණා.
ඉතින් අද සමාජයෙත් යම් කෙනෙක් කුමක් හෝ දෙයක් හරිහැටි නොදැන කරන අවස්ථාවක දී මෙම "කළුවා මාරපන ගියා වගේ" යන ප්‍රස්තාව පිරුළ භාවිත කරනවා.
maruu
ReplyDelete