ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි උගුඩු පැංචෙකු යි හිටියා. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන. දවසක් මේ උගුඩුපුංචා කැලෑවට ගියා. කැලෑවේ ඇටිකෙහෙල් කැනක් තියෙනවා දුර ඉඳලම මේ පැංචා දැක්කා. "තාත්තා කිව්වේ කන්න එපා කියලනේ ළඟට ගිහින් බැලුවට මොකුත් වෙන්නේ නෑනේ" කියලා මේ පැංචා ගහ ළඟට ගියා. රසද කියලා බලන්න එක ගෙඩියක් කාලම බලනවා කියලා කෑවා. මෙහෙම ටික වෙලාවක් යනකොට මේ උගුඩු පුංචා අර ඇටි කෙහෙල් එක එක අරගෙන මුළු ඇටි කෙහෙල් කැනම කෑවා. ඉතින් මේ උගුඩ පුංචා හවස් වෙද්දි ගෙදර ගියා. ගෙදරට වෙලා හිටියා. අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පුංචගේ බඩ හොඳටම රිදෙන්න ගත්තා. මළපහ කරන්න බෑ හරිම වේදනයි. "අනේ මන් තාත්තා කීවදේ ඇහුව නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා උගුඩු පුංචට හිතුණා" අද අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ. බලන්නකෝ අන්තිමට උගුඩු පුංචට උන දේ. ඒ නිසාම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අහන්නෙ නැති වෙලාවකට "ඇටි කෙහෙල් කා...
නයයි පොළඟයි වගේ ඔන්න එකෝමත් එක කාලයක ලොකු නියඟයක් ආවා. කැලේ සතුන්ට බොන්න වතුර බිංදුවක්වත් නැතුව ගියා. ඇළ, දොළ, ගංගා සියල්ලම සිඳී ගියා. දවසක් හොඳටම වතුර තිබහ වුණු නයෙක් ගමකට ගියා වතුර ටිකක් හොයාගෙන. මෙහෙම ටික දුරක් යනකොට එක ගෙදරක මිදුලක බේසමක පුංචි බබෙක් නානවා දැක්කා. ඉතින් මේ නයිහාමි බේසමෙන් බබා නාන ගමන්ම වතුර ටිකක් අරගෙන බිව්වා. ඉතින් මේ පුංචි බබා නයාට බය වෙලා අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා. අනේ මේ නයි හාමි පුංචි බබා එක්ක තරහ උනේ නෑ. එයා පොඩි ළමයෙක්නෙ කියල හිතලා එයාට දෂ්ට නොකර ගුටි පාරවල් ඉවසාගෙන කැලේට යන්න ගියා. මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩ ගාගෙන එන පොළගෙක් නයිහාමිට මුණගැහුනා. "අනේ නයිහාමි ඔයා නම් වතුර බීලානේ. "මම හරිම තිබහෙන් ඉන්නේ වතුර බිව්ව තැන අනේ මටත් කියන්න කිව්වා"ඉතින් නයි හාමි එයාට වතුර හම්බවුණ විදිහ කියලා කිව්වා "ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ට කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා" එහෙම පොරොන්දු වෙලා ගිය පොළොංහාමි අර පුංචි බබා න...