Skip to main content

නයයි පොළඟයි වගේ

                    නයයි පොළඟයි වගේ


ඔන්න එකෝමත් එක කාලයක ලොකු නියඟයක් ආවා. කැලේ සතුන්ට බොන්න වතුර බිංදුවක්වත් නැතුව ගියා. ඇළ, දොළ, ගංගා සියල්ලම සිඳී ගියා. දවසක් හොඳටම වතුර තිබහ වුණු නයෙක් ගමකට ගියා වතුර ටිකක් හොයාගෙන. 

මෙහෙම ටික දුරක් යනකොට එක ගෙදරක මිදුලක බේසමක පුංචි බබෙක් නානවා දැක්කා. ඉතින් මේ නයිහාමි බේසමෙන් බබා නාන ගමන්ම වතුර ටිකක් අරගෙන බිව්වා. ඉතින් මේ පුංචි බබා නයාට බය වෙලා අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා. 

අනේ මේ නයි හාමි පුංචි බබා එක්ක තරහ උනේ නෑ. එයා පොඩි ළමයෙක්නෙ කියල හිතලා එයාට දෂ්ට නොකර ගුටි පාරවල් ඉවසාගෙන කැලේට යන්න ගියා. මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩ ගාගෙන එන පොළගෙක් නයිහාමිට මුණගැහුනා. 

"අනේ නයිහාමි ඔයා නම් වතුර බීලානේ. "මම හරිම තිබහෙන් ඉන්නේ වතුර බිව්ව තැන අනේ මටත් කියන්න කිව්වා"ඉතින් නයි හාමි එයාට වතුර හම්බවුණ විදිහ කියලා කිව්වා "ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ට කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා" 

එහෙම පොරොන්දු වෙලා ගිය පොළොංහාමි අර පුංචි බබා නාන වතුර බේසමෙන් වතුර බිව්වා. පොළඟට බයවුන බබා කෝප්පෙන් පොළඟට ගැහුවා. මේ පොළඟට හොඳටම තරහා ගිහිල්ලා බබාට දෂ්ට කලා. 

ඉතින් නයි හාමිට පොළගා ගැන සැකයක් ඇතිවුණා. ඒ පොළොං හාමි මගේ පොරොන්දු රකියිද දන්නේ නෑ කියලා හිතලා කෝකටත් පොළොන්නෙ බලන්න ගියා. නයි හාමි යනකොටත් පොළඟා බබාට දෂ්ට කරලා ඉවරයි. 

නයිහාමි ඉක්මනින් ගිහිල්ලා බබාගේ ඇඟේ තිබුණ විෂ ටික අයින් කරලා පොළොංහාමි හොයාගෙන කැලේට ගිහින් පොළඟට හොඳටම දෂ්ට කලා. ඒ දෙන්නා හොඳටම රණ්ඩු උනා. 

ඉතින් ඔන්න මේ දෙන්නා දකින දකින තැන රණ්ඩු කරන්න පටන් ගත්තා. අද සමාජයෙත් ලොකු තරහක් වෛරයක් ඇති දෙන්නෙක් ගැන කතා කරන වෙලාවට අපි "නයයි පොළඟයි වගේ" යන ප්‍රස්ථාව පිරුළ භාවිත කරනවා.

Comments

Post a Comment

Popular posts from this blog

රයිගමයයි ගම්පලයයි වගේ

රයිගමයයි ගම්පළයයි වගේ            ඉස්සර අපේ රටේ රජවරු විවිධ ප්‍රදේශවල වාසය කරගෙන රට පාලනය කළා. කාලයක් අනුරාධපුර අගනුවර කරගත්තා. ඒ කාලයේදී රයිගමට වගේම ගම්පලටත් රජවරුන් වාසය කළා.මේ ගම් දෙකම හරිම ප්‍රසිද්ධයි. මේ රයිගම ගමේ  හිටියා බොහොම ප්‍රසිද්ධ වෙළෙන්දෙක්. එයා රයිගමයා. එයා පිට පළාත්වලට බුලත් විකුණන කෙනෙක්. ගම්පොළ ගමෙත් හිටියා වෙළෙන්දෙක් නමින් ගම්පළයා. එයා පිට පළාත්වලට පුවක් විකුණන කෙනෙක්. වෙළඳාමේ යනකොට මේ දෙන්නා ගොඩක් හමු වෙලා තියෙන නිසා බොහොම හොඳ මිතුරන් බවට පත්වුණා.        දවසක් මේ දෙන්නා කතා කර ඉද්දි රයිගමයා ගම්පලයාට කියනවා.ගම්පල මුදලාලි මට මේ පාර බුලත් ටිකක් විකුනලා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කියලා.ඒ නිසා මම හෙට උදේම බුලත් කදක් බැඳගෙන අම්බලමේ නතර වෙලා පාන්දරම වෙළඳාමේ යන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා.ගම්පලයත් මේක අහගෙන කියනවා මමත් මේ සැරේ පුවක් විකුණුවොත් හොඳ ලාභයක් ගන්ඩ පුළුවන් වෙයි කියල හිතනවා. ඒ හින්දා මමත් පුවක් කදක් බැඳගෙන අම්බලමින් නතර වෙලා පාන්දරින්ම පිටත් වෙන්න එන්නම් කියලා.මෙයා ළඟපාත ගම්වල බුලත් මිලදී ගැනීමට ගි...

ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ

           ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි උගුඩු පැංචෙකු යි හිටියා. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන.  දවසක් මේ උගුඩුපුංචා කැලෑවට ගියා. කැලෑවේ ඇටිකෙහෙල් කැනක් තියෙනවා දුර ඉඳලම මේ පැංචා දැක්කා. "තාත්තා කිව්වේ කන්න එපා කියලනේ  ළඟට ගිහින් බැලුවට මොකුත් වෙන්නේ නෑනේ" කියලා මේ පැංචා ගහ ළඟට ගියා. රසද කියලා බලන්න එක ගෙඩියක් කාලම බලනවා කියලා කෑවා.  මෙහෙම ටික වෙලාවක් යනකොට මේ උගුඩු පුංචා අර ඇටි කෙහෙල් එක එක අරගෙන මුළු ඇටි කෙහෙල් කැනම කෑවා. ඉතින් මේ උගුඩ පුංචා හවස් වෙද්දි ගෙදර ගියා. ගෙදරට වෙලා හිටියා.  අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පුංචගේ බඩ හොඳටම රිදෙන්න ගත්තා. මළපහ කරන්න බෑ හරිම වේදනයි. "අනේ මන් තාත්තා කීවදේ ඇහුව නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා උගුඩු පුංචට හිතුණා" අද අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ. බලන්නකෝ අන්තිමට උගුඩු පුංචට උන දේ. ඒ නිසාම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අහන්නෙ නැති වෙලාවකට "ඇටි කෙහෙල් කා...