නයයි පොළඟයි වගේ
ඔන්න එකෝමත් එක කාලයක ලොකු නියඟයක් ආවා. කැලේ සතුන්ට බොන්න වතුර බිංදුවක්වත් නැතුව ගියා. ඇළ, දොළ, ගංගා සියල්ලම සිඳී ගියා. දවසක් හොඳටම වතුර තිබහ වුණු නයෙක් ගමකට ගියා වතුර ටිකක් හොයාගෙන.
මෙහෙම ටික දුරක් යනකොට එක ගෙදරක මිදුලක බේසමක පුංචි බබෙක් නානවා දැක්කා. ඉතින් මේ නයිහාමි බේසමෙන් බබා නාන ගමන්ම වතුර ටිකක් අරගෙන බිව්වා. ඉතින් මේ පුංචි බබා නයාට බය වෙලා අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා.
අනේ මේ නයි හාමි පුංචි බබා එක්ක තරහ උනේ නෑ. එයා පොඩි ළමයෙක්නෙ කියල හිතලා එයාට දෂ්ට නොකර ගුටි පාරවල් ඉවසාගෙන කැලේට යන්න ගියා. මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩ ගාගෙන එන පොළගෙක් නයිහාමිට මුණගැහුනා.
"අනේ නයිහාමි ඔයා නම් වතුර බීලානේ. "මම හරිම තිබහෙන් ඉන්නේ වතුර බිව්ව තැන අනේ මටත් කියන්න කිව්වා"ඉතින් නයි හාමි එයාට වතුර හම්බවුණ විදිහ කියලා කිව්වා "ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ට කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා"
එහෙම පොරොන්දු වෙලා ගිය පොළොංහාමි අර පුංචි බබා නාන වතුර බේසමෙන් වතුර බිව්වා. පොළඟට බයවුන බබා කෝප්පෙන් පොළඟට ගැහුවා. මේ පොළඟට හොඳටම තරහා ගිහිල්ලා බබාට දෂ්ට කලා.
ඉතින් නයි හාමිට පොළගා ගැන සැකයක් ඇතිවුණා. ඒ පොළොං හාමි මගේ පොරොන්දු රකියිද දන්නේ නෑ කියලා හිතලා කෝකටත් පොළොන්නෙ බලන්න ගියා. නයි හාමි යනකොටත් පොළඟා බබාට දෂ්ට කරලා ඉවරයි.
නයිහාමි ඉක්මනින් ගිහිල්ලා බබාගේ ඇඟේ තිබුණ විෂ ටික අයින් කරලා පොළොංහාමි හොයාගෙන කැලේට ගිහින් පොළඟට හොඳටම දෂ්ට කලා. ඒ දෙන්නා හොඳටම රණ්ඩු උනා.
ඉතින් ඔන්න මේ දෙන්නා දකින දකින තැන රණ්ඩු කරන්න පටන් ගත්තා. අද සමාජයෙත් ලොකු තරහක් වෛරයක් ඇති දෙන්නෙක් ගැන කතා කරන වෙලාවට අපි "නයයි පොළඟයි වගේ" යන ප්රස්ථාව පිරුළ භාවිත කරනවා.
Very good
ReplyDeletesupper
ReplyDeleteශා මරු මරු..
ReplyDeletecontinue it 😍😍
ReplyDeleteSuperb ❤️
ReplyDelete❤❤
ReplyDeletesuper
ReplyDeleteGood work ❤️
ReplyDeletenice
ReplyDelete