Skip to main content

අටුව කඩා පුටුව හැදුවා වගේ

            අටුව කඩා පුටුව හැදුවා වගේ


ඔන්න එක්තරා ගමක වඩුරාල කෙනෙක් ජීවත් උනා. මොහු ලී වලින් මේස, පුටු, ඇඳන්, මේස, අල්මාරි වගේ හැම දෙයක්ම හදන්න ඉතාමත් දක්ෂයෙක්. ඉතින් මේ වඩුරාල හැමදාම ගමේ මිනිස්සුන්ට අහල පහළ ගම්වල මිනිස්සුන්ට ලී බඩු හදලා දුන්නා. 

මේ වඩුරාලගේ ගෙදර ජීවත් වුණේ වඩුරාලයි ගම හාමිනේ විතරයි. ඉතින් එක් දවසක මේ ගෙදරට නෑදෑයෝ කට්ටියක් එනවා. වඩු වැඩ කරන්න කොයිතරම් දක්ෂයෙක් වුණත් මේ වඩුරාලගේ ගෙදර ඉඳගන්න නම් එක පුටුවක්වත් තිබුණේ නෑ. 

ඉතින් නෑදෑ කට්ටිය ආවට පස්සේ ගම හාමිනේට ගොඩක් ලැජ්ජ හිතුනා. "ගෙදර වාඩි වෙන්න පුටුවක්වත් නෑ ඒකට මොකද වඩුරාළ කෙනෙක් නේද" කියලා ගම හාමිනේ වඩුරාළට දොස් නගන්න ගත්තා. ඉතින් මේ වඩුරාළ මොකක්ද දන්නවද කරේ? 

ඉක්මනින්ම වටපිට බලලා ලී හොයන්න ගත්තා පුටුවක් හදන්න. ඉතින් වඩුරාල දැක්කා අටුව තියෙනවා. අටුව කියන්නේ කෘෂිකර්මාන්තයේදී ධාන්‍ය වර්ග ඉදිරි කාල සඳහා ගබඩා කරගනු ලබන උපකරණයක්. මෙය තරමක් විශාලයි ඒ වගේම ගොඩක් වටිනවා. 

ඉතින් මේ මෝඩ වඩුරාල මේ අටුව කඩා දමලා ඒ ලීවලින් පුටුවක් තැනුවා. ගම හාමිනේ ටික වෙලාවකින් ඇවිත් බලනකොට මේ ගමරාළ අටුව කඩලා පුටුව හදලා තියෙන හැටි දැක්කා. 

ඉතින් බලන්නකෝ ඉතාමත් වටින ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් ඊට වඩා වටිනාකමින් අඩු දෙයක් වෙනුවෙන් විනාශ කර දැමූ හැටි. අද සමාජයේ කෙනෙක් තමන්ට ප්‍රයෝජනවත් වන දෙයක් ඊට වඩා වටිනාකමින් අඩු දෙයක් වෙනුවෙන් විනාශ කර දමන අවස්ථාවක "අටුව කඩා පුටුව හැදුවා වගේ" යන ප්‍රස්ථාව පිරුළ භාවිත කරනු ලබනවා.

Comments

Post a Comment

Popular posts from this blog

රයිගමයයි ගම්පලයයි වගේ

රයිගමයයි ගම්පළයයි වගේ            ඉස්සර අපේ රටේ රජවරු විවිධ ප්‍රදේශවල වාසය කරගෙන රට පාලනය කළා. කාලයක් අනුරාධපුර අගනුවර කරගත්තා. ඒ කාලයේදී රයිගමට වගේම ගම්පලටත් රජවරුන් වාසය කළා.මේ ගම් දෙකම හරිම ප්‍රසිද්ධයි. මේ රයිගම ගමේ  හිටියා බොහොම ප්‍රසිද්ධ වෙළෙන්දෙක්. එයා රයිගමයා. එයා පිට පළාත්වලට බුලත් විකුණන කෙනෙක්. ගම්පොළ ගමෙත් හිටියා වෙළෙන්දෙක් නමින් ගම්පළයා. එයා පිට පළාත්වලට පුවක් විකුණන කෙනෙක්. වෙළඳාමේ යනකොට මේ දෙන්නා ගොඩක් හමු වෙලා තියෙන නිසා බොහොම හොඳ මිතුරන් බවට පත්වුණා.        දවසක් මේ දෙන්නා කතා කර ඉද්දි රයිගමයා ගම්පලයාට කියනවා.ගම්පල මුදලාලි මට මේ පාර බුලත් ටිකක් විකුනලා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කියලා.ඒ නිසා මම හෙට උදේම බුලත් කදක් බැඳගෙන අම්බලමේ නතර වෙලා පාන්දරම වෙළඳාමේ යන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා.ගම්පලයත් මේක අහගෙන කියනවා මමත් මේ සැරේ පුවක් විකුණුවොත් හොඳ ලාභයක් ගන්ඩ පුළුවන් වෙයි කියල හිතනවා. ඒ හින්දා මමත් පුවක් කදක් බැඳගෙන අම්බලමින් නතර වෙලා පාන්දරින්ම පිටත් වෙන්න එන්නම් කියලා.මෙයා ළඟපාත ගම්වල බුලත් මිලදී ගැනීමට ගි...

ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ

           ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි උගුඩු පැංචෙකු යි හිටියා. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන.  දවසක් මේ උගුඩුපුංචා කැලෑවට ගියා. කැලෑවේ ඇටිකෙහෙල් කැනක් තියෙනවා දුර ඉඳලම මේ පැංචා දැක්කා. "තාත්තා කිව්වේ කන්න එපා කියලනේ  ළඟට ගිහින් බැලුවට මොකුත් වෙන්නේ නෑනේ" කියලා මේ පැංචා ගහ ළඟට ගියා. රසද කියලා බලන්න එක ගෙඩියක් කාලම බලනවා කියලා කෑවා.  මෙහෙම ටික වෙලාවක් යනකොට මේ උගුඩු පුංචා අර ඇටි කෙහෙල් එක එක අරගෙන මුළු ඇටි කෙහෙල් කැනම කෑවා. ඉතින් මේ උගුඩ පුංචා හවස් වෙද්දි ගෙදර ගියා. ගෙදරට වෙලා හිටියා.  අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පුංචගේ බඩ හොඳටම රිදෙන්න ගත්තා. මළපහ කරන්න බෑ හරිම වේදනයි. "අනේ මන් තාත්තා කීවදේ ඇහුව නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා උගුඩු පුංචට හිතුණා" අද අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ. බලන්නකෝ අන්තිමට උගුඩු පුංචට උන දේ. ඒ නිසාම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අහන්නෙ නැති වෙලාවකට "ඇටි කෙහෙල් කා...

නයයි පොළඟයි වගේ

                     නයයි පොළඟයි වගේ ඔන්න එකෝමත් එක කාලයක ලොකු නියඟයක් ආවා. කැලේ සතුන්ට බොන්න වතුර බිංදුවක්වත් නැතුව ගියා. ඇළ, දොළ, ගංගා සියල්ලම සිඳී ගියා. දවසක් හොඳටම වතුර තිබහ වුණු නයෙක් ගමකට ගියා වතුර ටිකක් හොයාගෙන.  මෙහෙම ටික දුරක් යනකොට එක ගෙදරක මිදුලක බේසමක පුංචි බබෙක් නානවා දැක්කා. ඉතින් මේ නයිහාමි බේසමෙන් බබා නාන ගමන්ම වතුර ටිකක් අරගෙන බිව්වා. ඉතින් මේ පුංචි බබා නයාට බය වෙලා අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා.  අනේ මේ නයි හාමි පුංචි බබා එක්ක තරහ උනේ නෑ. එයා පොඩි ළමයෙක්නෙ කියල හිතලා එයාට දෂ්ට නොකර ගුටි පාරවල් ඉවසාගෙන කැලේට යන්න ගියා. මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩ ගාගෙන එන පොළගෙක් නයිහාමිට මුණගැහුනා.  "අනේ නයිහාමි ඔයා නම් වතුර බීලානේ. "මම හරිම තිබහෙන් ඉන්නේ වතුර බිව්ව තැන අනේ මටත් කියන්න කිව්වා"ඉතින් නයි හාමි එයාට වතුර හම්බවුණ විදිහ කියලා කිව්වා "ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ට කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා"  එහෙම පොරොන්දු වෙලා ගිය පොළොංහාමි අර පුංචි බබා න...