ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ
ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි උගුඩු පැංචෙකු යි හිටියා. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන.
දවසක් මේ උගුඩුපුංචා කැලෑවට ගියා. කැලෑවේ ඇටිකෙහෙල් කැනක් තියෙනවා දුර ඉඳලම මේ පැංචා දැක්කා. "තාත්තා කිව්වේ කන්න එපා කියලනේ ළඟට ගිහින් බැලුවට මොකුත් වෙන්නේ නෑනේ" කියලා මේ පැංචා ගහ ළඟට ගියා. රසද කියලා බලන්න එක ගෙඩියක් කාලම බලනවා කියලා කෑවා.
මෙහෙම ටික වෙලාවක් යනකොට මේ උගුඩු පුංචා අර ඇටි කෙහෙල් එක එක අරගෙන මුළු ඇටි කෙහෙල් කැනම කෑවා. ඉතින් මේ උගුඩ පුංචා හවස් වෙද්දි ගෙදර ගියා. ගෙදරට වෙලා හිටියා.
අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පුංචගේ බඩ හොඳටම රිදෙන්න ගත්තා. මළපහ කරන්න බෑ හරිම වේදනයි. "අනේ මන් තාත්තා කීවදේ ඇහුව නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා උගුඩු පුංචට හිතුණා"
අද අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ. බලන්නකෝ අන්තිමට උගුඩු පුංචට උන දේ. ඒ නිසාම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අහන්නෙ නැති වෙලාවකට "ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ" යන ප්රස්තා පිරුළ භාවිත කරනවා.
❤❤
ReplyDeleteකතා රසයයි යථා රසයයි එක්ක උපදේශාත්මක ගුණයත් හොදටම ඇතුලත් වෙලා💯
ReplyDelete😇
ReplyDelete❤️😍
ReplyDelete❤️
ReplyDelete👍👍
ReplyDeleteසරලව හරි ලස්සනට පණිවිඩය දෙන්න පුලුවන් හැකියාවක් තියෙන්නෙ ඔයාට.හරි ලස්සනයි ♥️🥰
ReplyDeleteලස්සනයි
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDelete❤️❤️
ReplyDelete❤❤❤
ReplyDelete♥️♥️
ReplyDelete♥️♥️
ReplyDelete❤Wow
ReplyDelete❤
ReplyDeletewow
ReplyDeletenice
ReplyDeleteGood job
ReplyDelete💜️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤👍
ReplyDelete